ලාෆ්ස් ගෑස් මිල ඉහළට

පාරිභෝගික ජනතාවට තවත් මිල බරක් එක් කරමින්, ලාෆ්ස් (Laugfs) සමාගම සිය ගෘහස්ථ ගෑස් මිල ගණන් ඉහළ දැමීමට පියවර ගෙන ඇත. ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල සංශෝධනය සිදු කර ඇති අතර, ඒ අනුව වෙළඳපොළේ පවතින ලාෆ්ස් ගෑස් සිලින්ඩරවල මිලෙහි කැපී පෙනෙන වෙනසක් සිදුව තිබේ.​නව මිල සංශෝධනයට අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 545කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 6,245ක් ලෙස සටහන් වේ. මීට අමතරව, කිලෝග්‍රෑම් 5 ප්‍රමාණයේ කුඩා ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 220කින් ඉහළ නංවා ඇති අතර, එම සිලින්ඩරයක් අද සිට රුපියල් 2,500ක මිලකට අලෙවි කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,129

Leave A Reply

Your email address will not be published. Required fields are marked *