ලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම පියවර ගෙන ඇති අතර, නව මිල අද (5) සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව, වැඩිපුරම භාවිත වන කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 4,365ක් ලෙස දැක්වේ.මෙම මිල සංශෝධනයට අනුව කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 42කින් අඩු වී ඇති අතර එහි නව මිල රුපියල් 1,750 කි. එසේම, කිලෝග්‍රෑම් 2.3ක කුඩා ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 20කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 815ක් දක්වා පහත වැටී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,317

Leave A Reply

Your email address will not be published. Required fields are marked *