සෑම වසරකම ඔක්තෝබර් 10 වැනිදාට යෙදෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය අදටත් නියමිතව තිබේ. මානසික සෞඛ්‍යය පිළිබඳ සමාජය තුළ පවතින අවබෝධය වර්ධනය කිරීම, මානසික රෝගීන් සම්බන්ධයෙන් පවතින දුරස්භාවය හා වැරදි ආකල්ප දුරු කිරීම මෙන්ම යහපත් මානසික සුවතාවක් ප්‍රවර්ධනය කිරීම මෙම දිනය සැමරීමේ ප්‍රධාන අරමුණ වේ. 1992 වසරේ සිට මෙම දිනය ජාත්‍යන්තර මට්ටමින් සමරනු ලබයි.නූතන සංකීර්ණ සමාජ පසුබිම තුළ මානසික සෞඛ්‍යය පිළිබඳ කතිකාවත වඩාත් කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇත. දෛනික ජීවිතයේදී මතුවන මානසික පීඩනයන් නිවැරදිව හඳුනාගැනීම, මානසික සුවතාව ආරක්ෂා කරගැනීම සහ අවශ්‍ය අවස්ථාවලදී පසුබට නොවී වෘත්තීය සහාය ලබාගැනීමට ජනතාව යොමුකිරීම කෙරෙහි මෙවරත් විශේෂ අවධානයක් යොමුකර ඇත.

























