සෞදියේ මරණ දඬුවම නියමවූ අනෝජන් සිවරාසා හමුවීමට ශ්‍රී ලංකා තානාපතිවරයා යයි

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින අනෝජන් සිවරාසා නමැති ශ්‍රී ලාංකිකයාගේ සුවදුක් විමසා බැලීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වඩ් මහතා දම්මාම් මධ්‍යම බන්ධනාගාරය වෙත ගොස් තිබේ. රියාද් අගනුවර සිට කිලෝමීටර් 450ක් පමණ දුරින් පිහිටි මෙම බන්ධනාගාරයේදී තානාපතිවරයා අනෝජන් හමුවී ඔහුගේ වත්මන් තත්ත්වය, සුබසාධන කටයුතු සහ නීතිමය ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.​විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ උපදෙස් මත අනෝජන්ට අවශ්‍ය සියලුම කොන්සියුලර් හා නීතිමය සහාය ලබාදීමට තානාපති කාර්යාලය සූදානම් බව මෙහිදී තහවුරු කර ඇත. තවද, ඉදිරි අවශ්‍යතාවලදී සෘජුව සම්බන්ධ වීම සඳහා තානාපතිවරයාගේ පෞද්ගලික සම්බන්ධතා තොරතුරු ද අනෝජන් වෙත ලබාදී තිබේ.​මෙම හමුවෙන් අනතුරුව අනෝජන් සිවරාසා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, සෞදි බන්ධනාගාර බලධාරීන් ඔහුගේ සුබසාධනය පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බවත් තානාපති කාර්යාලය තහවුරු කළේය. මෙහිදී තානාපතිවරයා බන්ධනාගාර අධ්‍යක්ෂවරයා සහ වෛද්‍යවරයා සමඟ ද සාකච්ඡාවල නිරත වී ඇත.

What's your reaction?

Related Posts

1 of 1,371

Leave A Reply

Your email address will not be published. Required fields are marked *