වන සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මහඔය-අරලගන්විල මාර්ගය රාත්‍රී කාලයේ වැසේ

මාදුරු ඔය ජාතික වනෝද්‍යානය හරහා දිවෙන මහඔය – අරලගන්විල මාර්ගයේ පනිජ්ජ ඔය සහ කන්දේගම අතර කොටස නොවැම්බර් 20 වැනිදා සිට දිනපතා රාත්‍රී කාලයේ වසා තැබීමට තීරණය කර තිබේ. ඒ අනුව සෑම දිනකම සවස 6.00 සිට පසුදින උදෑසන 6.00 දක්වා එම මාර්ග කොටස වසා තැබෙනු ඇත.​රාත්‍රී කාලයේ වාහන ගමනාගමනය නිසා වනෝද්‍යානය හරහා මාර්ගය මාරුවන වන සතුන් අනතුරට ලක්වීම සහ මියයාම ඉහළ ගොස් තිබීම මෙම පියවර ගැනීමට හේතු වී තිබේ.​වන සතුන්ගේ ආරක්ෂාව උදෙසා මාර්ගය වසා තබන කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,422

Leave A Reply

Your email address will not be published. Required fields are marked *