ව්‍යාජ යූරෝ නෝට්ටු තොගයක් සමඟ 19 හැවිරිදි තරුණයෙක් හැටන්හිදී අත්අඩංගුවට

හැටන් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ව්‍යාජ විදෙස් මුදල් නෝට්ටු තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම මෙහෙයුම ඊයේ (14) හැටන් නගර ප්‍රදේශයේදී ක්‍රියාත්මක කර තිබේ.​එහිදී සැකකරු සතුව තිබී ව්‍යාජ 200 යූරෝ නෝට්ටු 09ක් සහ 100 යූරෝ නෝට්ටු 07ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, මුළු නෝට්ටු සංඛ්‍යාව 16කි. අත්අඩංගුවට පත් වූ පුද්ගලයා වටවල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි.​සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවීම හැටන් පොලිසිය විසින් මේ වන විට ක්‍රියාවට නංවා ඇත.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *