වැඩිහිටි දීමනාව අද බැංකු ගිණුම්වලට බැර කෙරේ

අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් වෙනුවෙන් වෙන් කර ඇති අගෝස්තු මාසයට අදාළ වැඩිහිටි දීමනාව අද (03) දින සිට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට අදාළ කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.​මෙම වැඩසටහන යටතේ, අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ක්‍රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ 70 ඉක්මවූ වැඩිහිටියන් 618,352 දෙනෙකු සඳහා රුපියල් බිලියන තුනකට අධික මුදලක් බැර කෙරෙනු ඇත. මීට අමතරව, දෙවන අදියරට අයත් වැඩිහිටියන් 78,260 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 391කට වැඩි මුදලක් ද අද දින තුළම බැංකු ගිණුම් වෙත මුදා හැරීමට නියමිතය.​අදාළ ප්‍රතිලාභීන්ට අද දින සිටම තම අස්වැසුම බැංකු ගිණුම් හරහා මෙම මුදල් පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.

What's your reaction?

Related Posts

1 of 1,313

Leave A Reply

Your email address will not be published. Required fields are marked *