වැල්ලවත්ත වෙරළ තීරයේ පිහිටි අවන්හලක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද නිවේදනයක් ක්රියාත්මක කිරීම වැළැක්වීම සඳහා අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. මෙම නියෝගය සැප්තැම්බර් 21 වන දින දක්වා බලපැවැත්වේ. අදාළ පෙත්සම ඉදිරිපත් කළ අවන්හල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසිර් මුස්තාෆා මහතාගේ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරන ලදී.



























