ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (නිරාකරණ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත (35 දරන, 2009) අහෝසි කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (නිරාකරණ) පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේදී විරුද්ධත්වයකින් තොරව සම්මත විය. අදාළ පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදය අද පෙරවරු 11.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වුණු අතර, එහිදී කිසිදු ඡන්ද විමසීමකින් තොරව එය අනුමත කරගැනීමට හැකි විය. ආරක්ෂක අමාත්‍යවරයාගේ උපදෙස් මත සකස් කෙරුණු මෙම කෙටුම්පත පසුගිය වසරේ (2025) අගෝස්තු 04 වන දින පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.​මෙම නව පනත ක්‍රියාත්මක වීමත් සමඟ 2009 අංක 35 දරන පනතින් පිහිටුවන ලද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය නිල වශයෙන් අහෝසි වන අතර, ඊට අයත්ව තිබූ සියලුම චංචල සහ ස්ථාවර දේපළ ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැවරීමට නියමිතය. ත්‍රිවිධ හමුදාව සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීමේ අරමුණින් එකී මූලික පනත එම සමයේ අවශ්‍යතා මත සම්මත කර තිබුණි.

What's your reaction?

Related Posts

1 of 1,323

Leave A Reply

Your email address will not be published. Required fields are marked *