විදුහල්පති සේවයේ 3 ශ්‍රේණි තරඟ විභාගය හෙට

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 වැනි ශ්‍රේණියට නවකයන් බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය හෙට (ජුනි 07) දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථානවලදී පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සියලු කටයුතු සූදානම් කර තිබේ.​මෙම විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් සඳහා වන ප්‍රවේශ පත්‍ර මේ වන විටත් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත නිකුත් කර ඇත. ඒ අනුව, මෙතෙක් ප්‍රවේශ පත්‍ර ලබා නොගත් අපේක්ෂකයින්ට වෙබ් අඩවියට පිවිස ඒවා බාගත කරගැනීමේ හැකියාව පවතී.

What's your reaction?

Related Posts

1 of 1,176

Leave A Reply

Your email address will not be published. Required fields are marked *