අසර්බයිජානයේ බාකු නුවර පැවැති 7 වන CICA රාජ්ය නායක සමුළුවට සහභාගී වූ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා සිය දෙදින නිල සංචාරය සාර්ථකව නිමා කර තිබේ. සාමාජික රටවල් 28 ක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සමුළුවේදී කලාපීය සබඳතා, ඩිජිටල්කරණය සහ තිරසාර සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු විය.සමුළුව ඇමතූ අමාත්යවරයා පෙන්වා දුන්නේ ආසියානු කලාපයේ ආර්ථික ඒකාබද්ධතාව උදෙසා සාමාජික රටවල් අතර පවතින සහයෝගීතාව සහ ඩිජිටල් පරිවර්තනය අත්යවශ්ය වන බවයි. සමුළුව අතරතුරදී අසර්බයිජාන ජනාධිපති ඉල්හාම් අලියෙව් මහතා ඇතුළු රටවල් කිහිපයක නියෝජිතයින් හමුවූ අමාත්යවරයා, වෙළෙඳ, සංචාරක, කෘෂිකාර්මික හා බලශක්ති ක්ෂේත්රවල ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීමට සාකච්ඡා පැවැත්වීය.එමෙන්ම අසර්බයිජානයේ ප්රමුඛ පෙළේ බලශක්ති සමාගමක් වන SOCAR සමාගම සමගද උපායමාර්ගික බලශක්ති සහයෝගීතාවයන් පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර, මෙම සංචාරය මගින් CICA සංවිධානය සහ කලාපීය රටවල් සමග ශ්රී ලංකාව පවත්වාගෙන යන රාජ්යතාන්ත්රික සබඳතා තවදුරටත් තහවුරු වූ බව විදේශ කටයුතු අමාත්යාංශය පවසයි.



























