දිවයින පුරා ගෑස් බෙදාහැරීමේ ක්රියාවලිය දැනටමත් වේගවත් කර ඇති අතර, මෙට්රික් ටොන් 3900 ක ගෑස් රැගත් නෞකාවක් දිවයිනට පැමිණ මේ වන විටත් ගෑස් ගොඩබෑමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බව ලිට්රෝ සමාගම පවසයි.එසේම, මෙට්රික් ටොන් 3900 ක ගෑස් ප්රමාණයක් සහිත මෙම සතියට අදාළ 04 වන ගෑස් නෞකාව ද එළඹෙන 22 වනදා දිවයිනට ළඟාවීමට නියමිතව තිබේ.මෙම ගෑස් තොග ලැබීමත් සමග දිවයින පුරා පවතින ගෑස් සැපයුම කිසිදු හිඟයකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනු ඇති බව ලිට්රෝ සමාගම වැඩිදුරටත් අවධාරණය කරයි.



























