අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (21) අධිකරණය හමුවේ පෙනී සිටියේය. වාහනයේ හටගත් හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් නියමිත වේලාවට අධිකරණයට පැමිණීමට නොහැකි වූ බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් පවසා ඇත.ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, වරෙන්තු ආපසු කැඳවීම සම්බන්ධයෙන් වන අදාළ ඉල්ලීම හෙට (22) වන දින ඉදිරිපත් කරන ලෙස නීතිඥවරයාට අවවාද කරමින් දැනුම් දුන්නේය.



























