2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා සිටින සිසුන්ගේ මාර්ගගත (Online) ලියාපදිංචි වීමේ කටයුතු අද (14) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි. ඒ අනුව www.ugc.ac.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් සිසුන්ට මෙම ලියාපදිංචිය සම්පූර්ණ කළ හැකි අතර, ලැබී ඇති විශ්වවිද්‍යාලය හෝ වෙනත් යම් ගැටලුවක් සම්බන්ධයෙන් වන අභියාචනා මේ මස 21 වනදා දක්වා භාරගැනීමට පියවර ගෙන ඇත.මෙවර අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 92,043 දෙනෙකු අයදුම්කර තිබූ අතර, ඉන් 42,937 දෙනෙකු විශ්වවිද්‍යාල සඳහා තේරී පත්ව සිටී. මීට අදාළ කඩඉම් ලකුණු පසුගිය අගෝස්තු මස මුල් සතියේදී නිකුත් කෙරුණු අතර, ඉන්පසුව මෙම ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කෙරිණි.ලියාපදිංචි කිරීමේ කටයුතු අවසන් වීමෙන් අනතුරුව, ලබන සැප්තැම්බර් මස මුල් සතිවලදී අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල රැසක් මේ වන විට සැලසුම් කර තිබේ.



























