පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නීතිමය ක්රමවේද ඔස්සේ නිදහස් කරගැනීම සඳහා ත්රෛනිකායික මහානායක ස්වාමීන්ද්රයන් වහන්සේ ප්රමුඛ කාරක සංඝ සභාව නිල වශයෙන් මැදිහත්වීමට එකඟ වීමත් සමඟ, විහාරමහාදේවි උද්යාන පරිශ්රයේ පැවති භික්ෂු සත්යග්රහය තාවකාලිකව අත්හිටුවා ඇත.උලපනේ සුමංගල හිමියන් ඇතුළු පිරිස මෙම තීරණය අනාවරණය කළ අතර, මහා සංඝරත්නයේ මෙම මැදිහත්වීම හරහා අදාළ ගැටලුවට සාධාරණ විසඳුමක් ලැබෙනු ඇතැයි බෞද්ධ ජනතාව අපේක්ෂා කරති.



























