වීරකැටිය, කිංචිගුණේ ප්රදේශයේදී සිදු කළ වැටලීමකදී පිස්තෝලයක් සහ ඊට යොදන පතරොම් 06ක් සමඟින් 35 හැවිරිදි සැකකරුවෙකු ඊයේ (11) අත්අඩංගුවට ගෙන ඇත.වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම මෙහෙයුම ක්රියාත්මක කර ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයා කිංචිගුණේ, මැදමුලන ප්රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

























