වී සඳහා ප්‍රමාණවත් නොවන අඩු සහතික මිලකට විරෝධය පළ කරමින් සහ කිලෝවක් සඳහා රුපියල් 150ක අවම මිලක් ඉල්ලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් පිරිසක් අනුරාධපුර නගරයේදී උද්ඝෝෂණයක නිරත වූහ. නුවරවැව, තිසාවෙව, පදවිය, රාජාංගණ සහ විලච්චිය ඇතුළු ප්‍රදේශ රැසක ගොවි සංවිධාන නියෝජනය කරමින් ගොවීන් එක්දහසකට වැඩි පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.රජය මෝල් හිමියන් සමඟ එක්ව රුපියල් 120ක සහතික මිලක් තීරණය කළද, මෝල් හිමියන් සැබැවින්ම ගෙවන්නේ කිලෝවකට රුපියල් 80ක වැනි අවම මුදලක් පමණක් බව අනුරාධපුර දිස්ත්‍රික් ගොවි සංවිධාන එකමුතුවේ සභාපති පුංචිරාල රත්නායක මහතා මෙහිදී සඳහන් කළේය. යල කන්නයේ සරු අස්වැන්නක් ලැබී තිබුණද නිසි වෙළඳපොළ ක්‍රමයක් නොමැතිකම නිසා මේ වන විට ගොවි ජනතාව දැඩි අසීරුතාවකට මුහුණ දී සිටින බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.























