ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 95,000ක් ඉක්මවයි

මෙම වසරේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 95,035ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි. ඉන් රෝගීන් 9,699 දෙනෙකු අගෝස්තු මාසය තුළ පමණක් වාර්තා වී ඇති අතර, මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 72කි.​ප්‍රාදේශීය වශයෙන් ගත් කළ, වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතිනි (50,287ක්). මීට අමතරව, දකුණු පළාතෙන් (13,843ක්), මධ්‍යම පළාතෙන් (8,647ක්) සහ සබරගමුව පළාතෙන් (7,808ක්) ද සැලකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, දිස්ත්‍රික් මට්ටමින් ගම්පහ සහ කොළඹින් වැඩිම ආසාදිතයන් පිරිසක් හමුවී තිබේ.​රට තුළ පවතින ව්‍යාප්ත ස්වභාවය සලකා බලා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 76ක් මේ වන විටත් විශේෂ අධි-අවදානම් කලාප ලෙස නම් කර ඇත. මේ හේතුවෙන්, අවට පරිසරය පිරිසිදුව තබා ගනිමින් මදුරුවන් බෝවන ස්ථාන තුන් ආකාරයකින් විනාශ කිරීමට මහජනතාව කටයුතු කිරීම ඉතා වැදගත් වේ.

What's your reaction?

Related Posts

1 of 1,307

Leave A Reply

Your email address will not be published. Required fields are marked *