ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) උපදේශක කමිටු සාමාජිකයන් සඳහා නිල වශයෙන් පත්වීම් ප්‍රදානය කිරීම සහ 2025 අපනයන කාර්යසාධන දර්ශක එළිදැක්වීම ඊයේ (06) කොළඹ ‘The Grand Maitland’ හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී. වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්තියට අනුකූලව ජාතික අපනයන සංවර්ධන සැලැස්ම සක්‍රීයව ක්‍රියාවට නැංවීම මෙහි ප්‍රධාන අරමුණ වේ.මෙම නව කමිටු හරහා දේශීය ව්‍යවසායකයන්ට ගෝලීය වෙළඳපොළට පිවිසීමට අවශ්‍ය ශක්තිමත් පසුබිමක් නිර්මාණය වනු ඇත. ඉදිරියේදී පැවැත්වෙන ‘ශ්‍රී ලංකා එක්ස්පෝ 2027’ ජාත්‍යන්තර ප්‍රදර්ශනය ඉලක්ක කරගනිමින්, දේශීය නිෂ්පාදන සහ අපනයන අංශය වඩාත් විනිවිදභාවයෙන් හා තරගකාරී ලෙස නංවාලීමට අදාළ අංශ දැඩි කැපවීමකින් කටයුතු කරයි.


























