ශ්‍රී ලංකාවේ අපනයන තීරුබද්ද 10% දක්වා අඩු කිරීමට ඇමරිකාවෙන් පියවරක්

එක්සත් ජනපදය විසින් නව තීරුබදු ප්‍රතිපත්තියක් යටතේ රටවල් 60ක් සඳහා අලුතින් බදු පැනවීමට කටයුතු කර තිබේ. ඒ යටතේ ශ්‍රී ලංකාවට අදාළ ආනයනික තීරුබද්ද සියයට 10ක මට්ටමකට පහළ දැමීමට එරට රජය පියවර ගෙන ඇත.​මීට පෙර ඇමරිකාව විසින් ශ්‍රී ලංකා අපනයන සඳහා සියයට 12.5ක උපරිම තීරුබද්දක් පැනවීමට සූදානම් වන බවට නිවේදනය කර තිබිණි. එහෙත්, බලහත්කාර ශ්‍රමය යොදා නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ රටට ආනයනය කිරීම තහනම් කිරීමට ශ්‍රී ලංකා රජය ගත් වැදගත් තීරණය සැලකිල්ලට ගනිමින් මෙම විශේෂ සහනය හිමිවී තිබෙන බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 1,251

Leave A Reply

Your email address will not be published. Required fields are marked *