ශ්‍රී ලංකා පොලිසියේ දියුණුවට චීන රජයේ සහාය

​ශ්‍රී ලංකා පොලිසියේ කටයුතු වැඩිදියුණු කිරීම සඳහා චීන රජයේ සහාය ලබා ගැනීමේ එකඟතා පත්‍රයකට ඊයේ (24) උදෑසන පොලිස් මූලස්ථානයේදී අත්සන් තැබිණි. මෙරට චීන තානාපති වෙයි හුවාෂියැං (Wei Huaxiang) මහතා සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා ඊට අත්සන් තැබූහ.​මෙම එකඟතාව යටතේ පොලිස් නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය සහ යටිතල පහසුකම් ඉහළ නැංවීම වෙනුවෙන් චීන රජයේ සහාය හිමි වේ. නව තාක්ෂණය භාවිතයෙන් සිදු කෙරෙන සූක්ෂම අපරාධ හඳුනා ගැනීමටත්, ඊට එරෙහිව කාර්යක්ෂමව නීතිය ක්‍රියාත්මක කිරීමටත් මෙරට පොලිස් නිලධාරීන් බලගැන්වීම මෙහි ප්‍රධාන අරමුණයි.​මෙම අවස්ථාවට පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය, පොලිස් පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න යන මහත්වරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් සහ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

What's your reaction?

Related Posts

1 of 1,438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *