හිටපු නියෝජ්ය අමාත්ය සරණ ගුණවර්ධන මහතාට ලබාදී තිබූ සිරදඬුවම අත්හිටවූ එකක් බවට පත්කිරීම සඳහා මහාධිකරණ කාර්යාල කාර්ය සහයකයෙකුට අල්ලස් දීමට උත්සාහ කළ බවට චෝදනා ලැබූ හිටපු නියෝජ්ය අමාත්යවරයාගේ බිරිඳ වන චිනාරි ලක්මන්ති සහ අදාළ කාර්ය සහයකයා ලබන 30 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් මෙම සිද්ධියට අදාළ තෙවන සැකකරු වන මිනුවන්ගොඩ මහේස්ත්රාත් අධිකරණයේ රෙජිස්ට්රාර්වරයා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කර ඇත.අල්ලස් කොමිෂන් සභාව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.



























