සහරාන් හෂීම් සමඟ කිසිදු සම්බන්ධයක් නැත – රිෂාඩ් බදියුදීන්

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් තමන් කිසිදු අවස්ථාවක දැක හෝ ඔහු සමඟ කතා කර නොමැති බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. අම්පාර නින්දවූර් ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.​ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවට පාස්කු ප්‍රහාරය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බව අවධාරණය කළ ඒ මහතා, තමන්ද මෙම ප්‍රහාරයේ වින්දිතයෙකු බව ප්‍රකාශ කළේය. එසේම, තමන්ට එරෙහිව පදනම් විරහිත චෝදනා නගන ඕනෑම අයෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට පසුබට නොවන බවත්, ප්‍රහාරය සම්බන්ධයෙන් අවංක හා ස්වාධීන පරීක්ෂණයක් පවත්වා සත්‍යය හෙළි කරන ලෙසත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

What's your reaction?

Related Posts

1 of 1,339

Leave A Reply

Your email address will not be published. Required fields are marked *