ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන නියෝගය ජනවාරි 28 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද (27) තීරණය කළා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම පිළිබඳ කරුණු සලකා බැලීම මීට පෙර සිදු කෙරුණා.පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගත් ක්‍රියාමාර්ග නීතිවිරෝධී බව පවසමින්, තමන් රඳවා ගැනීමේ නියෝග බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු ඉල්ලා තිබුණා.මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.



























