සුරේෂ් සලේගේ වෛද්‍ය වාර්තා සම්බන්ධයෙන් වෛද්‍යවරුන් සහ රෝහල් අධ්‍යක්ෂ අධිකරණයට

පාස්කු ප්‍රහාරයේ සැකකරුවකු ලෙස නම් කර ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මුදා හැරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා සහ ඊට අදාළව වෛද්‍ය වාර්තා නිකුත් කළ වෛද්‍යවරුන් 10 දෙනෙකු කොටුව මහේස්ත්‍‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ. ජාතික රෝහලේ පෝෂණවේදීන් සහ මනෝ වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමක් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මත වහාම මුදාහැරීමට නොහැකි බවට වාර්තාවක් නිකුත් කර ඇති අතර, සී.අයි.ඩී. මෝසමක් මගින් කළ ඉල්ලීමකට අනුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් නිකුත් කරන ලද නොතීසියකට අනුව මෙම පිරිස කැඳවා ඇත.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *