රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර අවසන් කර රෝහලෙන් පිටව යා හැකි බව එම රෝහලේ වෛද්‍යවරුන් දසදෙනාගෙන් යුත් විශේෂ කමිටුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දී තිබේ.මෙම වෛද්‍ය වාර්තාව සැලකිල්ලට ගනිමින්, සුරේෂ් සලේ එදින පස්වරුවේ යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයට ගන්නා බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.


























