සෞඛ්‍ය කාර්ය සහායකයින් 582 දෙනෙකුට අලුතින් පත්වීම්

​ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් දායකත්වය පුළුල් කිරීමේ අරමුණින් ප්‍රාථමික සේවා ගණයේ සෞඛ්‍ය කාර්ය සහායකයින් (SKS) 582 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කෙරිණි. මරදාන ටවර් පරිශ්‍රයේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී ඔවුන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කරන ලදී. මෙම බඳවා ගැනීම් සම්පූර්ණයෙන්ම දේශපාලන බලපෑම්වලින් තොරව, විනිවිද පෙනෙන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියක් ඔස්සේ සිදු කිරීම විශේෂත්වයකි.​නවක සේවකයින් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල මධ්‍යම රජයේ රෝහල් හා සෞඛ්‍ය ආයතන සඳහා අනුයුක්ත කරනු ලබන අතර, ඔවුන්ට රාජ්‍ය සේවයේ මූලික රාජකාරි පිළිබඳ තෙදින විශේෂ පුහුණුවක් ලබාදීමට නියමිතය. මෙම බඳවා ගැනීම් හරහා ඇති වූ සේවක අතිරික්තය සැලකිල්ලට ගනිමින්, දැනට සේවයේ නියුතු සෞඛ්‍ය කාර්ය සහායකයින් 550 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.​අයදුම්පත් 92,000ක් අතරින් සුදුසුකම් සපුරාලූ පිරිසෙන් පළමු අදියරේදී 627 දෙනෙකුට ද, මෙදින පත් කළ 582 දෙනා ඇතුළුව මේ දක්වා බඳවා ගත් සමස්ත සෞඛ්‍ය කාර්ය සහායකයින් සංඛ්‍යාව 1,209ක් දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම ඉලක්ක කරමින් මෙම බඳවා ගැනීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,242

Leave A Reply

Your email address will not be published. Required fields are marked *