ඩෙංගු 02 ප්‍රභේදයේ ව්‍යාප්තියක්

දැනට ශ්‍රී ලංකාව තුළ වාර්තා වන ඩෙංගු රෝගීන්ගෙන් 88%ක්ම ‘ඩෙංගු 02’ (Dengue-02) නම් වෛරස් ප්‍රභේදය ආසාදිතයන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා අනාවරණය කරයි. මෙම විශේෂිත ප්‍රභේදය සම්බන්ධයෙන් ජනතාවගේ ශරීර තුළ පවතින ස්වාභාවික ප්‍රතිශක්තිය ඉතා පහළ මට්ටමක පැවතීම රෝගී වීමේ අවදානම වැඩි කිරීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.​රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේදී බස්නාහිර පළාතේ පවතින තත්ත්වය තීරණාත්මක සාධකයක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. බස්නාහිර පළාත හරහා දිනපතා ගමන් ගන්නා ජනතාව මගින් රටේ අනෙකුත් දිස්ත්‍රික්ක කරා ද මෙම වෛරසය වේගයෙන් ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව වෛද්‍යවරයා පවසයි.​මේ නිසා රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීමට මහජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි. විශේෂයෙන්ම ඩෙංගු රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සහ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම මගින් මෙම තත්ත්වය සමනය කරගත හැකි බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරති.

What's your reaction?

Related Posts

1 of 1,242

Leave A Reply

Your email address will not be published. Required fields are marked *