සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වූ සිවරසා අනෝජන්ගේ දෙමාපියන් ජනපති හමුවෙයි

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් නම් තරුණයාගේ දෙමාපියන් අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුණගැසුණි. මෙම හමුවේදී තරුණයා වෙනුවෙන් ගත හැකි නෛතික හා රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කෙරිණි.​එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, අදාළ තරුණයාට සමාව ලබා ගැනීම සඳහා රජය විසින් උපරිම මට්ටමින් රාජ්‍යතාන්ත්‍රික සහ නෛතික මැදිහත් වීම් සිදු කරමින් සිටින බවයි. විශේෂයෙන්ම, සෞදි රජුගෙන් මේ සම්බන්ධයෙන් ලිඛිතව සමාව ඉල්ලා සිටීමට කටයුතු කරන බවත්, විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් ගෙන ඇති අභියාචනා ඇතුළු නිල පියවරයන් තමන් නිරන්තරයෙන් අධ්‍යයනය කරන බවත් ජනාධිපතිවරයා ඔහුගේ දෙමාපියන්ට තවදුරටත් සහතික විය.

What's your reaction?

Related Posts

1 of 1,342

Leave A Reply

Your email address will not be published. Required fields are marked *