සෞදි අරාබියේ මරණ දඬුවම නියම වූ ශ්‍රී ලාංකික තරුණයා නිදහස් කරන ලෙස ඉල්ලීම්

ඉස්ලාම් ආගමට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළ කළ බවට චෝදනා ලබා සෞදි අරාබියේදී සිරදඬුවම් සහ මරණ දඬුවම අත්වී ඇතැයි පැවසෙන සිවරාසා අනෝජන් නමැති ශ්‍රී ලාංකික තරුණයා කඩිනමින් නිදහස් කර ගැනීමට රජයේ මැදිහත් වීම අපේක්ෂාවෙන් විරෝධතා මාලාවක් පැවැත්වී ඇත. ඒ අනුව මඩකලපුව නගරයේ හින්දු සංවිධාන එකමුතුව මෙන්ම හැටන් ප්‍රදේශයේ තරුණයන් පිරිසක් ද සානුකම්පිතව සලකා පොදු සමාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් විරෝධතාවල නිරත විය.​මෙහිදී අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ අදාළ තරුණයාට සමාවක් ලබා ගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් උත්සාහ කරමින් සිටින බවයි. කල්මුනේ ප්‍රදේශයේදී සුනඛයෙකුට සිදුකළ පහරදීමක් මුල් කරගනිමින් අදාළ තරුණයා මෙම වීඩියෝව පළ කර තිබූ අතර, පසුව සෞදි පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත. අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර තිබුණ ද, නීතිමය ක්‍රියාවලිය අපේක්ෂිත මට්ටමට වඩා බරපතල වී ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසා ඇත. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් සෞදි අරාබියෙන් දයාව සහ කරුණාව අපේක්ෂා කරන බව ප්‍රකාශ කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,341

Leave A Reply

Your email address will not be published. Required fields are marked *