හකීම් සහ කාරියප්පර් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

​ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ එහි මහලේකම් නිසාම් කාරියප්පර් යන මහත්වරුන් විසින් ගොනු කරන ලද පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) තීරණය කළේය. තමන් එම පක්ෂයේ සාමාජිකයන් බව නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.​කෙසේ වෙතත්, අදාළ කරුණු දීර්ඝ ලෙස සලකා බැලූ අධිකරණය, එම ඉල්ලීම පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නීතිමය පදනමක් නොමැති බව නිරීක්ෂණය කරමින් එය ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත්තේය. මෙම තීන්දුවත් සමඟ පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් ඔවුන් අධිකරණමය මැදිහත්වීමක් හරහා බලාපොරොත්තු වූ සහනය අහිමි වී ගොස් ඇත.

What's your reaction?

Related Posts

1 of 1,126

Leave A Reply

Your email address will not be published. Required fields are marked *