හම්බෙගමුවේ දී ගංජා හේන් තුනක් වටලයි: සැකකරුවෙක් අත්අඩංගුවට

තණමල්විල, හම්බෙගමුව කුකුල් කටුව ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදී කෝටියකට අධික වටිනාකමකින් යුත් ගංජා සමඟ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී විවිධ උස ප්‍රමාණයන්ගෙන් ඉතා සරු ලෙස වගා කර තිබූ ගංජා හේන් තුනක් සොයාගෙන ඇත.​අත්අඩංගුවට ගත් සැකකරු අද (16) දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලිසිය සඳහන් කරයි.​වැටලීමෙන් අනතුරුව සොයාගත් සියලුම ගංජා ගස් ගිනිතබා විනාශ කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු හම්බෙගමුව පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 1,319

Leave A Reply

Your email address will not be published. Required fields are marked *