නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල් යොදවා මාතර, බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයෙන් ඉඩමක් මිලදී ගත් බවට එල්ල වී ඇති චෝදනාවකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (22) දින වරෙන්තු නිකුත් කර තිබේ.මෙම ඉඩම් මිලදී ගැනීමේ සිදුවීමට අදාළ නඩුව අද දින අධිකරණය හමුවේ කැඳවා තිබූ අතර, ඒ සඳහා බැසිල් රාජපක්ෂ මහතා පෙනී නොසිටීම හේතුවෙන් විනිසුරුවරයා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග සඳහා අදාළ අංශ විසින් කටයුතු සූදානම් කරමින් පවතින බව දේශීය පුවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

























