හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව අද (29) පස්වරුවේ යළි විභාගයට ගැනීමට නියමිතව තිබේ. පොදු දේපළ පනත යටතේ පවරා ඇති මෙම නඩුවෙන් කියැවෙන්නේ, ඔහු ජනාධිපති ධුරය හොබවන සමයේ සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා රජයේ මුදල් අවභාවිත කරමින් එංගලන්තයේ සංචාරයක නිරත වූ බවයි.​මෙම සිදුවීමට අදාළ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන අතර, පසුගියදා මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මියගෙන්ද ඔවුන්ගේ නිවසේදී ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණි. හිටපු ජනාධිපතිවරයා මීට පෙර මෙම චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වන විට ඇප මත මුදා හැර සිටියි.​අද දින නඩුව යළි කැඳවන අවස්ථාවේදී ඉදිරි විමර්ශන වාර්තා සලකා බැලීමට නියමිත අතර, රජයේ දේපළ හා මුදල් සම්බන්ධයෙන් එල්ල වී ඇති මෙම බරපතළ චෝදනාවල නීතිමය තත්ත්වය පිළිබඳව අධිකරණය සිය අවධානය යොමු කරනු ඇත. නඩුවේ ඉදිරි කටයුතු හා විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව අද දින අධිකරණයේදී අනාවරණය වීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,118

Leave A Reply

Your email address will not be published. Required fields are marked *