හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ

2008 වසරේදී කොළඹ සහ ඒ ආසන්න ප්‍රදේශවලදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ අපරාධයට සම්බන්ධ සැකකරුවෙකුට සැඟව සිටීමට අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.​ඒ අනුව, කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් අද (22) දින ඒ මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කරනු ලැබීය.​පෙර නඩු වාරයේදී මෙම සිද්ධියට අදාළව ඔයාව සැකකරුවෙකු ලෙස නම් කරමින් අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර නොතීසි නිකුත් කර තිබිණි.

What's your reaction?

Related Posts

1 of 1,247

Leave A Reply

Your email address will not be published. Required fields are marked *