හෙට දිනයේ උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

හෙට දිනයේදී උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත්, යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, කුරුණෑගල, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ගැටලු මඟහරවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම ප්‍රදේශවල ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර ඇත.​ඒ අනුව, දවස පුරා ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත්, හැකිතාක් සෙවණ ඇති ස්ථානවල විවේක ගන්නා ලෙසත් උපදෙස් දී තිබේ. විශේෂයෙන්ම වැඩිහිටියන් සහ රෝගීන් මේ පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු අතර, කුඩා දරුවන් කිසිදු විටෙක වාහන තුළ තනිකර දමා යාමෙන් වළකින ලෙස ද දන්වා ඇත.​මීට අමතරව, අධික වෙහෙස ගෙන දෙන කටයුතු සීමා කරමින්, එළිමහන් ක්‍රියාකාරකම්වලදී සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කිරීමෙන් සිරුරේ උණුසුම පාලනය කර ගැනීමට සහාය වන බව කාලගුණ අංශ පෙන්වා දෙයි.

What's your reaction?

Related Posts

1 of 1,319

Leave A Reply

Your email address will not be published. Required fields are marked *