හෙල්ල විසිකිරීමේ ලෝක වාර්තාව අලු‍ත් කළ සමිත දුලාන් දිවයිනට

ප්‍රංශයේ පැරිස් නුවර පැවති පැරා ඔලිම්පික් ක්‍රීඩා උළලේදි නව ලෝක වාර්තාවක් පිහිටුවමින්, රිදී පදක්කමක් දිනා ගත් සමිත දුලාන් දිවයිනට පැමිණියා.

හෙල්ල විසිකිරීම ඉසව්වේ එෆ් 44 කාණ්ඩය යටතේ ඔහු ලෝක වාර්තාව පිහිටවනු ලැබුවේ එහි එෆ් 64 කාණ්ඩයෙන් තරග වදිමින්.

එහිදී ඔහු මීටර් 67යි දශම 0යි 3ක දක්ෂතාවක් දැක්වීමට සමත් වුණා.

සමිත දුලාන් එලෙස බිඳ හෙලු‍වේ මීට පෙර ඔහු විසින්ම තබා තිබූ ලෝක වාර්තාවයි.

සමිත දුලාන් සමග පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද කටුනායක ගුවන් තොටුපොළින් ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණියා.

එහිදි සමිත දුලාන් පිලිගැනීමට ඔහුගේ පවුලේ ඥාතින් මෙන්ම ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරින්ද පැමිණි සිටියා.

What's your reaction?

Related Posts

1 of 1,181

Leave A Reply

Your email address will not be published. Required fields are marked *