රුපියල් මිලියන 9.4ක ඇස්තමේන්තුගත මුදලක් යටතේ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ක්‍රීඩාංගණය නවීකරණය කිරීමේ කටයුතු තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කර තිබේ. සිසුන් 6,500කට අධික සංඛ්‍යාවක් ඉගෙනුම ලබන මෙම පාසලේ ක්‍රීඩා පහසුකම් නංවාලීම මෙහි අරමුණයි.මෙම ව්‍යාපෘතිය යටතේ දැනට පවතින ක්‍රීඩාංගණය ක්‍රිකට් සහ මලල ක්‍රීඩා කටයුතු දෙකටම ගැළපෙන අයුරින් අලුත්වැඩියා කිරීමට සැලසුම් කර ඇත. මීට අමතරව, ක්‍රීඩා තරග නැරඹීම සඳහා නව නරඹුම් මැදිරියක් ඉදිකිරීමටත්, පාසලේ මේස පන්දු ක්‍රීඩාව සංවර්ධනය කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීමටත් අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමුව තිබේ.මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරුණ පනාගොඩ, අසිත නිරෝශන් සහ දේවානාන්ද සුරවීර යන මහත්වරුන් මෙන්ම විද්‍යාලයේ විදුහල්පති අජිත් ප්‍රේමසිරි මහතා ඇතුළු ආරාධිත පිරිසක් එක්ව සිටියහ.



























