පාස්කු ප්රහාරයට අදාළ විමර්ශන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ. අදාළ පෙත්සම මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණයට එළැඹ ඇත.අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්රකාශයට පත් කරන ලදී.ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් රඳවා ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ගොනු කර තිබිණි. කෙසේ වෙතත්, අධිකරණය විසින් එය වැඩිදුර විභාගයකින් තොරව මෙලෙස නිෂ්ප්රභ කරනු ලැබ ඇත.



























