ළමා අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි අධිකරණයට පැමිණි වාහනය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් කැඳවා තිබේ. සැකකාර හිමිනම නීතිඥවරයෙකුගේ මෝටර් රථයකින් අධිකරණ භූමියට පැමිණ ඇති අතර, ඒ පිළිබඳව කරුණු දක්වන ලෙස මහේස්ත්‍රාත්වරයා අදාළ ආරක්ෂක අංශ වෙත නියෝග කර ඇත.මෙම සිදුවීමට අදාළව අධිකරණ භූමියට ඇතුළු වූ ආකාරය සහ ආරක්ෂක විධිවිධාන පිළිබඳව සොයා බැලීම සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ආරක්ෂාව භාර ස්ථානාධිපතිවරයා වෙත මෙම නියෝගය ලබා දී තිබේ. නඩුවේ ඉදිරි කටයුතු සමඟ මෙම වාර්තාව ද ඉතා ඉක්මනින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.



























