අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් “සදහම් අභිවන්දනා” බැති ගී සරණිය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ වෘත්තීය අධ්‍යාපන අංශයේ සුභසාධක සංගමය මෙහෙයවූ “සදහම් අභිවන්දනා” වෙසක් බැති ගී ප්‍රසංගය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. මෙම ආගමික සන්නිවේදනාත්මක වැඩසටහන ඊයේ (27) නාරාහේන්පිට පිහිටි වෘත්තීය පුහුණු අධිකාරී ශ්‍රවණාගාරයේදී වේදිකාගත විය.​සම්බුදු තෙමඟුල නිමිත්තෙන් ශ්‍රාවක සිත් සතන් තුළ බුද්ධාලම්භන ප්‍රීතිය හා ආධ්‍යාත්මික සුවය ඇති කිරීමේ අරමුණින් මෙම බැති ගී සරණිය සංවිධානය කර තිබුණි. මෙහි ඇති විශේෂත්වය වූයේ අදාළ අමාත්‍යාංශයේ නිලධාරීන් සහ සේවක මහත්ම මහත්මීන් විසින්ම මෙහි සියලුම බැති ගීත ගායනා කරමින් ඔවුන්ගේ කලාත්මක දක්ෂතා ඉදිරිපත් කිරීමයි.​මෙම අවස්ථාව වඩාත් අර්ථවත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, අතිරේක ලේකම් (පාලන) සමන්ති මිහිදුකුල සහ අතිරේක ලේකම් (වෘත්තීය පුහුණු) සමන්ති සේනානායක යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.

What's your reaction?

Related Posts

1 of 1,161

Leave A Reply

Your email address will not be published. Required fields are marked *