2026 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව (CHOGM) සඳහා සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (02) ඇන්ටිගුවා හි වී. සී. බර්ඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වූවාය.ගුවන්තොටුපොළේදී අග්‍රාමාත්‍යවරිය පිළිගැනීම ඇන්ටිගුවා සහ බාබියුඩාහි සෞඛ්‍ය, සුවතා, පරිසර සහ රාජ්‍ය සේවා කටයුතු පිළිබඳ අමාත්‍ය මයිකල් ජෝසප් මහතා විසින් සිදු කරන ලදී.මෙම නිල සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරිය පොදු රාජ්‍ය මණ්ඩලීය කාන්තා සංසදයේ කටයුතු සඳහා ද සක්‍රීයව සහභාගී වීමට නියමිතව ඇත.



























