පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ නුවරඑළිය අධ්‍යාපන කලාපයේ පාසල් පවත්වාගෙන යාම දුෂ්කර වන්නේ නම්, ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමේ බලය අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත පවරා ඇති බව නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්යක්ෂ ඩී. එම්. එස්. ඩී. දිසානායක මහතා ප්‍රකාශ කරයි.මාර්ග ජලයෙන් යටවීම සහ පස් කඳු කඩාවැටීමේ අවදානම් වැනි ස්වාභාවික උවදුරු පිළිබඳව නිරන්තරයෙන් සොයා බලා, පාසල් දිගටම පවත්වාගෙන යා හැකිද නැද්ද යන්න විදුහල්පතිවරුන් විසින් තීරණය කර කලාප කාර්යාල වෙත වහාම දැනුම් දිය යුතු වේ.



























