දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන

පසුගිය පැය 24 තුළ වාර්තා වූ අධික වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා 3 වැනි මට්ටමේ (රතු) නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මෙම රතු නිවේදන නිකුත් කර ඇත්තේ විශේෂයෙන්ම එම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල ජනතාවට වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙස දන්වමිනි.​මීට අමතරව, කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා 2 වැනි මට්ටමේ (ඇම්බර්) සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා 1 වැනි මට්ටමේ (කහ) අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබේ. මේ වන විට එම අවදානම් ප්‍රදේශවල වාසය කරන ජනතාව දැඩි විමසිල්ලෙන් හා අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,341

Leave A Reply

Your email address will not be published. Required fields are marked *