සෞදි අරාබියේ දම්මාම් බන්ධනාගාරයේ රඳවා සිටින අනෝජන් සිවරාසා නමැති ශ්‍රී ලාංකිකයාට පනවා ඇති මරණ දඬුවමට එරෙහිව ශ්‍රී ලංකා රජයේ මැදිහත්වීමෙන් සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.මෑතකදී බන්ධනාගාරය තුළ අනෙක් රැඳවියකු සමඟ ඇති වූ සුළු ගැටුමකින් ඔහුගේ මුහුණේ සීරීම් තුවාල කිහිපයක් සිදුව ඇති අතර, ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ඔහුව වහාම වෙනත් මැදිරියකට මාරු කිරීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන ඇත. ඔහුගේ ජීවිතයට කිසිදු තර්ජනයක් නොමැති බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත බලධාරීන් සහතික වී තිබේ.


























