කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍ර රූ රැජින කිරුළ ගැලවීමේ නඩුවෙන් නිදොස් කොට නිදහස්

කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැති විවාහක රූ රැජින තරගාවලියක දී පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගැලවීමේ සිද්ධියට අදාළව හිටපු ලෝක විවාහක රූ රැජිනක් වූ කැරොලයින් ජූරි සහ මෝස්තර ශිල්පිනියක වූ චූලා පත්මේන්ද්‍ර යන අය නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් අද (14) මෙම නියෝගය ලබා දී ඇති අතර, මියගිය චූලා පත්මේන්ද්‍ර වෙනුවෙන් ඇයගේ ඇපකාරිය අධිකරණය හමුවේ පෙනී සිට ඇත.පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි අනුව සැකකාරියන්ට එරෙහිව නගා තිබූ චෝදනා කිසිවක් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට නොහැකි වී තිබේ. ඒ හේතුවෙන් දෙපාර්ශ්වයම අදාළ චෝදනාවලින් සම්පූර්ණයෙන්ම නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා තීන්දු කළ බව සඳහන් වේ.මීට වසර කිහිපයකට පෙර තරගය අතරතුර ඇති වූ මෙම මතභේදාත්මක තත්ත්වය සහ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කිරීමේ සිද්ධිය මත පදනම්ව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කෙරිණි. කෙසේ වෙතත්, දිගු නඩු විභාගයකින් අනතුරුව අධිකරණය විසින් මෙම අවසාන තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

What's your reaction?

Related Posts

1 of 1,330

Leave A Reply

Your email address will not be published. Required fields are marked *