දිවයින පුරා පවතින සක්‍රිය නිරිතදිග මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට පැමිණි ජාත්‍යන්තර ගුවන් යානා 6ක් හදිසියේම මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත හරවා යැවීමට පියවර ගෙන තිබේ. කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයට බලපා ඇති අයහපත් කාලගුණය මීට හේතු වී ඇත.ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ කටුනායක ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාපතනය සහ තද සුළං තත්ත්වය හේතුවෙන් අහස වලාකුළින් බරවී පවතින බවයි. මේ නිසා ධාවන පථය පැහැදිලිව දෘශ්‍යමාන වීමේ අපහසුතා (Low Visibility) මතු වී ඇති අතර, මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මෙම පියවර ගෙන තිබේ.ඒ අනුව, කටුනායකට ළඟා වීමට නොහැකි වූ ගුවන් යානා ආරක්ෂිතව මත්තල ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට කටයුතු කර ඇත. කෙසේ වෙතත්, කටුනායක අවට කාලගුණික තත්ත්වය යහපත් වූ සැනින් මෙම ගුවන් යානා සියල්ලම නැවතත් කටුනායක බලා පියාසර කිරීමට නියමිත බව ද වාර්තා වේ.

























