දිවයිනේ පවතින අධික වර්ෂාපතනය සහිත අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අධිවේගී මාර්ග පරිහරණය කරන සියලුම රියදුරන් වඩාත් ආරක්ෂිතව වාහන ධාවනය කළ යුතු බව මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙයි. මාර්ගය දෙපස ස්ථාපිත කර ඇති විද්‍යුත් පුවරුවල (Electronic Display Boards) ප්‍රදර්ශනය වන හදිසි අවවාදාත්මක පණිවිඩ සහ උපදෙස් කෙරෙහි නිරන්තර අවධානය යොමු කරන ලෙස එම අධිකාරිය රියදුරන්ගෙන් හදිසි ඉල්ලීමක් කරයි.ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මාර්ගයේ ඉදිරි දෘශ්‍යතාව (Visibility) සීමා විය හැකි බැවින්, රථවාහනවල ඉදිරිපස ලාම්පු (Headlights) දල්වාගෙන ධාවනය කිරීමට පියවර ගත යුතුය. එමෙන්ම, වාහනයේ උපරිම වේගය පැයට කිලෝමීටර් 60 සීමාවේ පවත්වා ගැනීම සහ ඉදිරියෙන් ධාවනය වන වාහනයට ප්‍රමාණවත් ආරක්ෂිත පරතරයක් තබා ගැනීම අනතුරු වළක්වා ගැනීමට අත්‍යවශ්‍ය වන බව ද පෙන්වා දෙයි.වැසි සහිත අවස්ථාවලදී අධිවේගී මාර්ග දැඩි ලෙස ලිස්සන සුළු බැවින්, එකවරම තිරිංග (Brakes) තද කිරීමෙන් වාහන පාලනය ගිලිහී ගොස් බරපතළ අනතුරු සිදු විය හැක. මේ නිසා පවතින අවදානම් සහගත තත්ත්වය වටහාගෙන, උපරිම ඉවසීමෙන් සහ අවධානයෙන් යුතුව රථවාහන ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

























