ශ්රී ලංකා ස්වර්ණාභරණ සංගමයේ දත්තවලට අනුව, දේශීය වෙළඳපොළ තුළ රන් මිලෙහි සැලකිය යුතු අඩුවීමක් වාර්තා වී තිබේ. ඊයේ (08) දිනයට සාපේක්ෂව අද වන විට රන් පවුමක මිල රුපියල් 2,000 කින් පහළ ගොස් ඇති අතර, ගෝලීය වෙළෙඳපොළේ රන් මිලෙහි හටගත් සුළු පසුබැසීමක් මෙම දේශීය මිල අඩු වීමට ප්රධාන වශයෙන් බලපා ඇත.ඒ අනුව, අද දින වෙළඳපොළෙහි කැරට් 24 රන් පවුමක මිල රුපියල් 375,000 ක් ලෙස සටහන් වන අතර, කැරට් 22 රන් පවුමක් අලෙවි වන්නේ රුපියල් 345,000 කටය. මීට පෙර ඊයේ දිනයේදී කැරට් 24 ක් රුපියල් 377,000 කට සහ කැරට් 22 ක් රුපියල් 347,000 කට අලෙවි වී තිබූ බව සඳහන් වේ.


























