මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය නිමා කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අවසන් එකඟතාවකට පැමිණ ඇති බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් මහතා පවසයි. තමන්ගේ නිල ‘X’ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව තහවුරු කර ඇත.මෙම රාජ්‍යයන් දෙක අතර පවතින ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා පාකිස්තානය දීර්ඝ කාලයක සිට ප්‍රධාන මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළේය. එහි ඉදිරි පියවරයන් සාර්ථක කර ගැනීම සඳහා තමන් මේ වනවිටත් දෙපාර්ශ්වය සමඟම ඉතා සමීපව සාකච්ඡා කරමින් සිටින බවද අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.කලාපීය සාමය උදෙසා තැබූ මෙම ඓතිහාසික පියවර පිළිබඳව අදහස් දක්වමින් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ, මීට පෙර කිසිදු අවස්ථාවක දෙරට අතර සාමය ස්ථාපිත කිරීම සඳහා මෙවැනි සමීප අවස්ථාවක් උදා වී නොතිබූ බවයි.



























